දුන් කිරි කොතැකයි අසා...නොකරන් මවට නින්දා


කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී

දුන් කිරි කොතැකයි අසා...නොකරන් මවට නින්දා
පුතනුවනි ඒ නිසා - කිරි දුන් ගණන නොලසා
උපමා කර යසා - කියමි මගෙ පුත අසනු සතොසා
දසකඩ මස සරී – උපන් දා සිට දුන් කිරී
කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී
එවිට එම කුමරුන් - රෙදි කච්චියක් නොලසින්
සපයා ගෙන ගොසින් – මවට පිළිගන්වමින් සිතමින්
රන් සේප්පු ගන්නේ – ඊ පිට තබා ගන්නේ
මවට දුන් වැන්නේ – එදයි කිරිකඩ ලොව පැවැත්වේ

Comments