තැලිපිළි පැළඳවීම

තැලිපිළි පැළඳවීම

තැලිපිළි පැළඳවීම

මුදු, මාල, වළලු හා ඇඳුම් ඇන්දවීම මෙයින් සිදුකෙරේ. පළමුව මනාලියට සුදු වස්‌ත්රයක්‌ අන්දවයි. එයින් අනතුරුව මුදු, මාල පළඳවා පසුදින අන්දවන සාරිය හෝ හැට්‌ටය සංකේතාත්මකව අන්දවන්නේ මනාලයා අතිනි.

මෙහි අරුත් දෙකක්‌ තිබේ. සුදුවතින් සංකේතවත් වන්නේ පවිත්රාවයයි. චරිතයයි. ජීවිතාන්තය තෙක්‌ පතිවත රැකීම එහි අදහසයි. දෙවැන්න සැමියාගේ යුතුකමයි. බිරිඳට ඇඳුම්, ආභරණ ආදිය සපයා දිය යුතු බව බුදුහිමියන් සිඟාලෝවාද සුත්රයේදී සැමියෙකුගේ යුතුකමක්‌ ලෙස වදාළහ. පෝරුව මත සිදු කෙරෙන මෙම චාරිත්රය ද මෙම යුතුකම සැමදා ශක්‌ති පමණින් කරන බව පෙන්වයි.

හඟල හුරුළු දීම

බුලත් කිහිපයක්‌ මත පඬුරු තබා හත්වරක්‌ යුවතිපතීන් විසින් මාරු කර ගැනීම මෙහිදී සිදු කෙරේ. පළමුව මනාලයා විසින් බුලත් හුරුල්ලක්‌ මනාලියට දෙයි. එය මනාලිය පෝරුම මත බිම හෙළා ඇය විසින් සූදානම් කෙරුනු බුලත් හුරුල්ල මනාලයාට දෙයි. එය ද මනාලයා විසින් පෝරුව මත හෙළනු ලැබේ. මේ සඳහා සූදානම් කරගත් බුලත් හුරුළු ලබා දීමට දෙපාර්ශ්වයේම ඥාතිවරයන් උපකාර කළ යුතු වේ.

මෙහි අදහස සත්මුතු පරම්පරාවක්‌ සිහිකිරීම බව සමහරු කියතත් එහි සැබෑ අරුත ඊට වඩා බොහෝ ගැඹුරට යයි. එනම් බෞද්ධ ආර්ථික ප්රතිපදාවයි. සපයන මුදල් භාර්යාවට නොසඟවා සැමියා භාර දෙයි. එයින් කළ යුතු යුතුකම් හයකි. ඒවා නම් සදිසා නමස්‌කාරයයි. එනම් මව්පියන්, ගුරුවරුන්, අඹුදරුවන්, හිත මිතුරන්, සේවකයන් හා පූජ්ය පක්ෂය වෙනුවෙන් වියදම් කිරීමයි. බිරිඳ ඒ සඳහා ධනය ආරක්ෂා කර අවශ්ය වූ විටෙකදී සැමියාට භාර දිය යුතු වේ. මේ හැර සත්වන බුලත් හුරල්ලෙන් කියන්නේ අසරණ අයට දෙනු ලබන දේ හෙවත් පරිත්යාගයයි.

මෙම චාරිත්රයට අනුව ධනය වියදම් කරන්නේ නම් එම යුවළ මනා සමාජ සම්බන්ධතාවන් පවත්වන අය වේ. ශක්‌තිමත් සමාජ සබඳතා ඉදිරියේ ඔවුන් ශක්‌තිමත් පවුල් ජීවිතයක්‌ ගත කරනු ඇත.

කැවුම් කිරිබත් අනුභවය

මෙම චාරිත්රයේදී පළමුව යුවළ වෙත පිරිසිදුÊවතුර බඳුනක්‌ පිළිගන්වයි. එය දෙදෙනා විසින්ම පානය කළ යුතු අතර පුරාණ සිංහල කැවිලි වන කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි සහිත පිඟානක්‌ ද දෙදෙනා අතට දෙනු ලැබේ. ඒවා දෙදෙනා විසින්ම එකිනෙකාට අනුභව කරවයි. පිරිසිදු වතුර අවර්ණය. ගන්ධයක්‌ නැත. එමෙන්ම ජීවිතය පුරා තම පතිවත බඹසර රැකගත යුතුය. අනෙක සහජීවනයයි. දුක - සැප බෙදා හදාගත යුතුය. මෙහි අරුත එයයි.

කිරිකඩ හේලය පිදීම

කිරිකඩ හේලය යනු බිරිඳගේ මවට හෙවත් නැන්දම්මාට මනාල මහතා හෙවත් බෑනා විසින් දෙනු ලබන තිළිණයකි. මෙම චාරිත්රය බොහෝ ඈත සිට ගෙන එන චාරිත්රයක්‌ බව ඒ පිළිබඳව කියන කවිවලින් පෙනේ.

ඈත අතීතයේ දී මංගල උත්සවයකදී තම දුව ඇති දැඩි කිරීමටත්, මවක්‌ වෙහෙසුණු ආකාරය කියන අතර මව විසින් තම දියණියට කොපමණ කිරි දුන්නේ දැයි බෑනා ප්රශ්න කරයි. එවිට එම මව පිළිතුරු දෙන්නේ මෙලෙසය.

"දුවට දුන් කිරි නම් - මැනලා නෑනේ මම නම්

පුතණුවනි එබැවින් - ගණන කොයි ලෙස පවසම්ද මම්

දස එකඩ මස සරි - උපන් දා සිට දුන් කිරි

කච්චියක්‌ රෙදි සරි තෙමෙන්නට ඇත දුවට දුන් කිරි.

එවිට බෑණා රෙදි කච්චියත් සපයා ගෙන ඒ මත ගිරයක්‌, කිල්ලෝටයක්‌ ආදිය තබා නැන්දම්මාට පිරිනමා තිබේ. මේ අනුව අදත් මේ චාරිත්රය සිදු කරන්නේ මනාලියගේ මවට කරනු ලබන උපහාරයක්‌ වශයෙනි. එහෙත් මනාලියගේ පියාටත්, මනාලයාගේ මව්පියන්ටත් බුලත් හුරුළු පිළිගන්වා ආශිර්වාදය ලබා ගැනීම මේ මොහොතේ ම සිදුවිය යුතුය


Comments


Comments

Post a Comment