ගිරි දේවී මේ දවස්වල යන සුපිරි ටෙලියක් හැදුන මුල
ශාන්ති දිසානායකගේ ගිරිදේවි කියවා නිම කරන්නට මට ගත වන්නේ දවසකටත් අඩු කාලයකි. ඒ, කෘතියේ ඇති යම් විශිෂ්ඨත්වයක් නිසා නොව කෘතිය අරභයා මේ දිනවල විකාශනය වන ටෙලි වෘතාන්තය මගින් මා තුළ ඇතිකළ ආකර්ශනීය කුකුසේ දිග පළල නිසා බව මගේ සිත මට පිළිගන්නට පෙරැත්ත කරයි. ඉතින්, 'ගිරිදේවි' යනු රසවත් ප්‍රබන්ධයක් බව මම පිළිගනිමි. එහෙත්, එක හුස්මට කියවා අහවර කරන්නට තරම් මනමෝහනීය ආකර්ශනයක් කෘතිය තුළ ගලා නොයන බව ද නොකියා බැරි ය. ඒ අනුව, කෘතියකින් ගොඩ නැගුණු ටෙලි නිර්මාණයක්, අදාළ කෘතිය අභිබවමින් නැගී සිටින දුර්ලභ අවස්ථාව 'ගිරිදේවි' ටෙලිය තුළින් 'ගිරිදේවි' කෘතියට හිමි කර දී ඇති බව විශ්වාස කරමි.
'ගිරිදේවි' තුළින් ගලා යන කතා පුවත සරළ ය, රසවත් ය. එහෙත් එය සාමාන්‍ය ය. කතා සැකිල්ල නැවුම් ය. නමුත් කතා තේමාව මා සිතූ තරම් විප්ලවකාරී නැත. ඒ හැරුණු කොට, ආශාගේ කතාන්දරය 'පුෂ්ටිමත්ව' ගොඩ නගන කතුවරිය, සඳුන්ගේ කතාන්දරය එතරම්ම 'කෙසඟ' කරන්න හේතු වූයේ, 'ගිරිදේවි' යනු ආශාගේ කතා පුවත නිසා ද, එහෙයින් සඳුන්ගේ කතා පුවතට එතරම් අවධානයක් හිමි නොවිය යුතු නිසා ද, නැතහොත් සාහිත්‍යමය දරුණු අතපසුවක් නිසාදැයි මට වටහා ගත නොහැක. මගේ පාඨක සන්තානයට ගෝචර වන්නේ ආශාගේ අතීතය ගොඩනගන්නට කතුවරිය දක්වා ඇති සැළකිල්ල, සඳුන්ගේ අතීතයට ඒ ආකාරයෙන්ම ලැබී නැති සැටියකි. එනිසාවෙන්ම, සඳුන්, රූපිකා හා ජාලියගේ කතා පුවත වඩාත් අතුපතර විහිදුවමින් ලියවෙන්නට තිබුණේ යැ යි නොසිතා සිටින්නට මට නොහැක.
'ගිරිදේවි' හි භාෂා භාවිතය දෙස හැරී බලන කළ, කතුවරිය සතු භාෂා ඥානයේ බුහුටිභාවය පිළිබඳ තෘප්තිමත් විය හැක. භාෂා රීතින් මැනවින් භාවිතා කරමින්, ව්‍යක්ත වියුමක් සිය පාඨකයා වෙතට ගෙන එන්නට කතුවරිය සමත් වෙයි. නමුත්, එකී ව්‍යක්තභාවය ඉහවහා ගිය අවස්ථා ද, ඒ හේතුවෙන්ම කතුවරිය විසින් කියන්නට තතනන දේ වටහා ගන්නට දෙතුන් වතාවක් එකම වාක්‍ය ඛණ්ඩය කියවන්නට සිදු වූ අවස්ථා ද නැතුවා නොවේ. එය බොහෝවිට මාගේ භාෂා ඥානයේ ගුණාත්මකභාවය පිළිබඳ අඩුපාඩුවක් විය හැකි බවද අවධාරණය කළ යුතු ය.
'ගිරිදේවි' හි අවසානය අතිශය අනපේක්ෂිත ය. සංයමයෙන් දිග හැරි කතා ප්‍රවෘත්තියක්, ඇල්පෙනෙත්තකින් සිදුරු කළ බැලුමක් පරිද්දෙන් හකුළා දමන්නට ඒ අවසානය සමත් ය. යකින්නක් සේ නිර්භීත ගැහැණියකට එවැනි දෛවයක් අත්පත් කර දෙන්නට කතුවරිය තීරණය කිරීම පිළිබඳ ඉමහත් කණගාටුවක් ඇත. නමුත්, 'ගිරිදේවි' කියවා අවසන් වීමෙන් පසුව වුව ද සඳුන් හා ආශා පිළිබඳ බලාපොරොත්තුවේ සේයාවක් පාඨකයා තුළ ඉතිරි කරගත හැකි ලෙස 'ගිරිදේවි' අවසන් කිරීම පිළිබඳ යම් සතුටක් නොදැනෙනවා නොවේ. කෙසේ වුවද, කෘතිය කඩිමුඩියේ අවසන් කරන්නට කතුවරිය විසින් ගත් තීරණයක් නිසාවෙන් එවැනි ඉරණමක් 'ගිරිදේවි'ට අත් පත්වූයේ ද නැතහොත් කතුවරියගේ ලේඛන කෞශල්‍යයේ ලුහුඬුවක් හේතුවෙන් එවැනි අවසානයකට 'ගිරිදේවි' ඇද වැටුණේ ද යන්න මම නොදනිමි. නමුත්, ටෙලිය නැරඹීම පසෙක ළා, කෘතිය කියවන්නට ගත් තීරණය පිළිබඳ මා සතුටු කරන්නට එකී අවසානය සමත් ය. මන්ද යත්, සතිපතා කාලය මිඩංගු කරමින් නරඹන ටෙලියක විසින් අවසානයේ මගේ ආලින්දයට රැගෙන එන්නේ එවන් වූ අපේක්ෂාභංග අවසානයක් නම්, එකී ටෙලිය වෙනුවෙන් දින සති පුරා වැය කළ කාලය පිළිබඳ මා ශෝකයට පත් වනවා නිසැක ය.
අවසානයේ මෙසේ පවසමි. ශාන්ති දිසානායකගේ 'ගිරිදේවි' යනු රසවත්ව කියවිය හැකි කෘතියකි. නමුත් එය කියවිය යුතුම කෘතියක් ලෙස නම් කරන්නට මට නොහැක.

Comments
Post a Comment